(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
"ඔබතුමා ලන්ඩන් විශ්වවිද්‍යාලයකට ගියා කියා කියනවා.ඕන නම් ඒ සහතික ඉදිරිපත් කරන්න පුළුවන් යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දෙස බලමින් පැවසීය.
" අශෝක රන්වල ඉවත් උනේ මේ මොහොතේ උපාධි සහතික ඉදිරිපත් කරන්න බැරි වූ නිසා. උපාධිය නැති නිසා නොවේ. එතුමා ඒක ඉදිරිපත් කරන්න යම් කාලයක් ගන්නවා.විපක්ෂ නායකතුමාට සමාජ මාධ්‍යයෙන් චෝදනාවක් තියෙනවා.හර්ෂ ද සිල්වා මහතාගේ උපාධිය ගැන අද කවුරුවත් ප්‍රශ්න කරන්නේ නෑනේ.නමුත් සජිත්ගේ සහතිකය ගැන ප්‍රශ්න කරනවානේ. ඔබතුමා ඒක ඉදිරිපත් කළා නම් හරි, යනුවෙන්ද නලින් නලින්ද ජයතිස්ස මහතා කීය.