
(ප්‍රසාද් රුක්මල්)
නමුණුකුල කදු රක්ෂිතයේ අද (17) පස්වරුවේ හටගත් හදිසි ගින්නකින් අක්කර 15 ක පමණ කොටසක් විනාශ වී ගින්න තවදුරටත් පැතිර යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .
නමුණුකුල කදු රක්ෂිතයේ පස්සර ගෝනගල වසමට අයත් රක්ෂිත කොටසක මෙම ගින්න හටගෙන ඇති අතර එම ස්ථානයට ලගා වීමට ඇති අපහසුතාව නිසාවෙන් ගින්න නිවා දැමීමට අපහසු වී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය .
පවතින වියලි දේශගුණික තත්ත්වයත් සමඟ කිසිවෙකු විසින් මෙසේ නමුණුකුල කදු රක්ෂිතයට ගිනිතබන්නට ඇතැයි සැකකරයි .
ගින්න මේ වනවිටත් පැතිර යමින් පවතින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශයකු පැවසීය .

