නත්තලට -උත්සව සමයට ලංගම අතිරේක බස්


 

(මහින්ද නිශ්ශංක) 

නත්තල හා උත්සව සමය නිමිත්තෙන් අද (24) අතිරේක බස් රථ සේවා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබේ.

අතිරේක බස් රථ පනහක් පමණ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ සිට හැටන්, බදුල්ල, මඩකලපුව ඇතුළු දුරගමන් සදහා යොදවා ඇතැයි ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසීය.

හෙට (25) නත්තල් දින ද මගී අවශ්‍යතාවය අනුව අතිරේක බස් රථ යොදවන බව ද ඒ මහතා සඳහන් කළේය.

  අද සිට ධාවනය කෙරෙන සාමාන්‍ය බස්රථ සේවාවන්ට අමතරව මෙම අතිරේක බස් සේවා ක්‍රියාත්මක කෙරෙන බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා වැඩිදුරටත් පැවසීය.