
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ නඩු භාණ්ඩයක් වශයෙන් තිබූ යතුරු පැදියක් සොරාගෙන ගොස් ඇති බව ඇඹිලිපිටිය පොලිසිය සඳහන් කරයි.
ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය විසින් මේ බව ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියට පැමිණිලි කරනු ලැබුවාය. මෙම යතුරුපැදිය සොරාගෙන ගිය කාල කාල වකවානුවකවානුවක් කිව නොහැකි බව රෙජිස්ට්‍රාර්වරිය කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයිද ඇඹිලිපිටිය පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ 5වැනිදාපැවසීය.
නඩු භාණ්ඩයක් වශයෙන් පැවැති යතුරුපැදිය සොරාගෙන ගිය අය ගැන තවම තොරතුරු පොලිසියට ලැබී නොමැත.

