නගර නිවාස වල පහසුකම් වැඩි කරයි


(අංජුල මහික වීරරත්න)

කොළඹ නගරයේ නාගරික මහල් නිවාස ව්‍යාපෘතිවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට තීරණය කිරීමට නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය තීරණය කර තිබේ.

 ඒ සදහා කඩිනමින් පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා එහි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සභාපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ කොළඹ නිවාස ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේදීය.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරන ලද කාලිංග මාවත - කොලොම්තොට සරසවි උයන, බොරැල්ල සිරිසර උයන හා මෙත්සර උයන, දෙමටගොඩ මිහිදු සෙන්පුර හා සියපත් සෙවණ, මාලිගාවත්ත ලක්හිරු සෙවණ, සියසෙත සෙවණ හා ලක්සෙත සෙවණ, බ්ලූමැන්ඩල් සිරිමුතු උයන හා සිරිසද උයන, හේනමුල්ල රන්මිතු සෙවණ, හෙළමුතු සෙවණ, සත්හිරු සෙවණ, රන්දිය උයන, මෙත්සද සෙවණ හා මිහිජය සෙවණ, ෆර්ගියුෂන් පාර මුවදොර උයන, ඔරුගොඩවත්ත පුරදොර සෙවණ, කොලොන්නාව සංහිද සෙවණ හා ලක්සද සෙවණ යන නිවාස ව්‍යාපෘති සභාපතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.