ධීවරයෙක් කපා කොටා මරලා


(පද්මසිරි ගාර්දියවසම් සහ චන්ද්‍රෙස්න ගමගේ   )  

  හුංගම දකුණු බටඅත , ලිදේයාය සුනාමි ගම්මානයට පිවිසෙන මාර්ගයේදී ඊයෙ  (03) රාත්‍රි ධීවරයෙකු කපා කොටා ඝාතනය කර ඇතැයි පොලිසිය පැවසීය .   

මෙලෙස ඝාතනය කර ඇත්තේ අංක 135/3, සුනාමි ගම්මානය ,ලිදේයාය ,දකුණු බටඅත ලිපිනයේ පදිංචිව සිටි වනිගාබදුගේ සිරිල් කුමාර නොහොත් කොටි රාළහාමි නමැති 37 හැවිරිදි විවාහකයෙකි .

 පුද්ගලයෙකු ලේ ගලන තුවාල සහිතව සුනාමි ගම්මානයට යන මාර්ගයේ වැටී සිටින බවට   පොලිස් හදිසි ඇමතුම් අංශය (119) ට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව ජීවිතක්ෂයට පත් ධීවරයාගේ මළසිරුර සොයාගත් බව පොලිසිය කීවේය . 

ඝාතනය සිදුකල සැකකරුවන් තවමත් අනාවරණය වී නැත