ධීවරයන්ට අනතුරු ඇඟවීමක්


(ඩයනා උදයංගනී)

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ අද (30) දිනයේදීව රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

එම  මුහුදු ප්‍රදේවල පැයට කිලෝමීටර 50, 60 පමණ වේගවත් සුළං ඇතිවිය හැකි අතර මුහුදු රළ ද ඉහළ යාමේ හැකියාවක් ඇතැයි  එම දෙපාර්තමේන්තුව කියයි. 

එබැවින් අදාළ මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවුක කටයුතුවල යෙදෙන ජනතාව විමසිලිමත් විය යුතු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.