ධීවරයන්ට අනතුරු ඇගවීමක්


(ඩයනා උදයංගනී)

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයන්හි නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කර ඇත.

එම  මුහුදු ප්‍රදේවල පැයට කිලෝමීටර 60, 70 පමණ වේගවත් සුළං ඇතිවිය හැකි අතර, මුහුදු රළ ඉහළයාමක්ද සිදුවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.