
(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව මෝදර මැදැල් ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රා දෙකක් පෙරළීමෙන් එක් ධීවරයකු මියගොස් තවත් දෙදෙනකු අසාධ්‍ය තත්ත්වයෙන් පානදුර රෝහලට ඇතුළත් කර ඇතැයි මොරටුව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ රෝහිත ප්‍රනාන්දු නමැති තිදරු පියකු බව පොලිසිය පවසයි.
එක් ධීවර යාත්‍රාවක් අද උදෑසන හයයි තිහට පමණ ද අනෙකුත් ධීවර යාත්‍රාව අද උදෑසන අට හමාරට පමණ ද මෙසේ ආපදාවට ලක්වී ඇතැයිපොලිසිය කියයි.
එක්ස්ෆස් පර්ල් නෞකාවේ ගිනි ගැනීමත් සමග ධීවරයින්ට මුහුදු යාමට තහනමක් රජය විසින් පනවා තිබෙන මෙවැනි අවස්ථාවක මරණකරු සිය පවුලේ අය කුසගින්නේ තැබීමට නොහැකි නිසා මෙසේ මුහුදු කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති බවද ධීවරයෝ පවසති.


