(යොහාන් භාසුර)
දුම්රිය ධාවනාගාර සේවයන් ඉන්ධන ඉල්ලා ආරම්භ කර ඇති වර්ජනයක් හේතුවෙන් දුම්රිය ධාවනය අඩාල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
දුම්රිය අංගනවල නවතා ඇති දුම්රිය ධාවනයට මුදානොහැරීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවත් අංගනවල සේවකයන්ට සේවයට පැමිණීමට ඉන්ධන ලබාදීමට සාකච්ඡා ආරම්භ කර ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.