
(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
ඕස්ට්‍රේලියාවේ රක්‍ෂිත බන්ධනාගාරතව සිටින ධනුෂ්ක ගුණතිලක පිළිබඳව ඉදිරි තීරණ ගැනීමට සහ තොරතුරු විමසීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිල කාර්යාලයේදී ඊයේ (8) රාත්‍රී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සහ නිලධාරීන් සාකච්ඡාවට අවස්ථාවෙන් අවස්ථාව වෙන වෙනම සහභාගි වීම කැපී පෙනුණි.
එම සාකච්ඡාවට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක දසුන් ශානක, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්, කළමනාකරු මහින්ද හලංගොඩ සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහත්වරු සහභාගි වූහ.




