ධනුෂ්ක චෝදනා තුනකින් නිදහස්


(විමුක්ති එස් රුද්‍රිගු)

ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර ඇති කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව ඇතුළු චෝදනා 4 න් 3 ක් ඉවත් කර ගන්නා බව රජයේ නීතිඥවරයා ඩව්නිං සෙන්ටර් අධිකරණයට අද(18) දැනුම් දී ඇත.

ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර ඇති චෝදනා හතරෙන් එක් චෝදනාවක් ඉදිරියට ගෙන යන බවත් ඉතිරි චෝදනා තුන ඉල්ලා අස්කර ගන්නා බවත් රජයේ නීතිඥ හියු බඩින් ඩව්නිං සෙන්ටර් මහේස්ත්‍රාත්වරියට නිල වශයෙන් අද (18) නඩුව කැඳවූ අවස්ථාවේදී දැනුම් දී තිබේ.

එය පිළිගත් මහේස්ත්‍රාත් ක්ලෙයාර් ෆර්නන් මහත්මිය එම චෝදනා තුන ඉවත් කිරීමට නියෝග කර ඇත.

ඒ අනුව ධනුෂ්ක ගුණතිලකට එරෙහිව රජයේ නීතිඥවරයා ඉදිරියට ගෙන යාමට තීරණය කර ඇති චෝදනාව වන්නේ කාන්තාවගේ කැමැත්තකින් තොරව ලිංගිකව හැසිරීමේ චෝදනාව බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර ඇත. නඩුව නැවත වරක් ජූලි 13 වැනිදා කැඳවීමට නියමිතව ඇත.