
(අංජුල මහික වීරරත්න)
ධනවතුන්ගේ ගෙවල් වල සුරතලයට ඇති කරන සතුන්ගේ පහසුකම් වතුකරයේ දූ දරුවන්ට නැතැයි වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම්අ මාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අද(12) පැවසීය.
අමාත්‍යවරයා මේ බව කීවේ මලයලමි ප්‍රජාවගේ නිවාස හිමිකම් පත් ලබාදීම වෙනුවෙන් බණ්ඩාරවෙල අද පැවැත්වෙන උත්සවයේදීය.
"ලැයිමේ සිටින්නේද මනුෂ්‍යයෝ ය කියන දේ අප තේරුම් ගත යුතුයි. වතු කම්කරුවන්ට පොරොන්දු වූ 1700 ක වැටුප අප කෙසේ හෝ ලබා දෙනවා" යනුවෙන්ද අමාත්‍යවරයා මෙහිදී කීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ.

