දොර අරින්න පොලිසිය නැතිව පී.යූ.සී.එස්. එල් සභාපති ආපසු යයි


(යොහාන් භාසුර)

විදේශගතව සිටි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා නැවත ඊයේ (28) පස්වරුවේ කොල්ලුපිටියේ පිහිටි මුද්‍රා තබා ඇති කාර්යාලයට පැමිණිය ද පොලිසිය කාර්යාලය විවෘත කිරීමට නොපැමිණිමෙන් ඒ මහතා දැඩි අපහසුතාවට පත්විය.

ඒ මහතා විදේශගතව සිටියදී අධිකරණ නියෝගයක් මත කොල්ලුපිටිය පොලිසිය කාර්යාලයට පසුගිය මස 16 වැනිදා මුද්‍රා තැබූ අතර ඒ මහතා පැමිණි පසුව විවෘත කරන බව ද ප්‍රකාශ විය.

කෙසේ වෙතත් රත්නායක මහතා පැවසුවේ කාර්යාලය විවෘත කරන ලෙස කොල්ලුපිටිය පොලිසියෙන් ලිඛිතව ඉල්ලා තිබුණ ද නිලධාරීන් නොමැති යැයි පවසා විවෘත නොකළ බවයි.

අදාල කාර්යාලයට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද පැමිණි ගොස් ඇති බවට දැනගන්නට තිබේ.