(සුජිත් හේවාජුලිගේ)
දොඩම්පහල චන්දසිරි අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නායක ස්වාමීන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේදී ලබන 21 වැනිදා ඉරිදා පැවැත්වේ.
මහා නායක ස්වාමීන් වහන්සේගේ දේහය පෞද්ගලික මල් ශාලාවක සිට උන්වහන්සේ වැඩ සිටි රාජගිරිය කලපලුවාව ගෝතමී තපෝවනාරාමයට අද (17) පෙරවරුවේ විශේෂ රථ පෙරහරකින්
වැඩමවනු ලැබීය.
දේහය තපෝවනාරාමයට වැඩම කරනු ලැබූ අවස්ථාවේදී මග දෙපස රැස්ව සිටි මහා සංඝරත්නය සහ ජනතාව උන්වහන්සේට පුෂ්පෝපහාර දැක්වූහ.
දේහය මහජන ගෞරවය සඳහා ඉරු දින දක්වා එම විහාරස්ථානයේ තැන්පත් කෙරෙනු ඇත.
දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමියෝ කොළඹ පෞද්ගලික රෝහලකදී ඊයේ (16) අපවත් වූහ. අපවත් වනවිට උන්වහන්සේ 84 වැනි වියේ පසුවූහ.

