දේශගුණික විපර්යාස හේතුවෙන් ශතවර්ෂය අවසානයේ ඇමරිකානු ආර්ථිකයට ඩොලර් බිලියන සිය ගණනක වාර්ෂික පාඩුවක් සිදු වනු ඇතැයි එක්සත් ජනපදය අනතුරු අඟවයි.
නාසා ආයතන ඇතුළු ෆෙඩරල් ආයතන 13 ක් එක්ව ඉදිරිපත්කරන ලද වාර්තාවක මේ බව සඳහන් වේ.
2090 වන විට, කාලගුණය වෙනස්වීමේ බලපෑම මත ශ්‍රමය ආශ්‍රිතව ඩොලර් බිලියන 155 ක පාඩුවක් වන බව ඇස්තමේන්තුගත කර ඇත.
එසේම උෂ්ණත්වය ඉහළයාම නිසා ඩොලර් බිලියන 141ක පාඩුවක්ද, මුහුදු මට්ටම ඉහළ යාමෙන් ඩොලර් බිලියන 118 ක ආර්ථික හානියක් සිදුවන බව එම වාර්තාවේ දැක්වේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආකාරය තමන් බලාසිටින බව නිරීක්ෂකයෝ පැවසූහ.
( 63226 )