දේශක දමින්ද දිසානායකත් රට නගන අරමුදලට දායක වෙයි


(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය සේවා තරග විභාග පිළිබඳ  ප්‍රවීණ දේශක ලේඛක දමින්ද දිසානායක මහතා දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියනයක්  පරිත්‍යාග කළේය.

දමින්ද දිසානායක  මහතා රුපියල් මිලියනයක චෙක්පත ජනාධිපති  ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිළිගැන්වූ අවස්ථාව.