දේව යාච්ඥාවකට ගිය හැටන් වතු කම්කරුන් 65 ක් නිරෝධායනයට


(රංජිත් රාජපක්ෂ)                       

හැටන් දික්ඔය දරවල ප්‍රදේශයේ යාච්ඥා මධ්‍යස්ථානයේ පැවැත් වූ යාඥාවන්ට සහභාගි වූ  වතුකම්කරුවන් 65 දෙනෙකු අද (01) සිට දින 14 ක  ස්වයං නිරෝධානයට යොමු කිරීමට බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කළහ.

බගවන්තලාව සහ නොර්වුඩ් පොලිස් වසම්වලට අයත් ඉන්ජස්ට්‍රි , බිලින්කිබොනි , පොඩයිස් , බටල්ගල, ඇන්ෆිල්ඩ් යන වතු වල පදිංචිකරුවන් මෙසේ ස්වයං නිරෝධානයට යොමු කෙරිණි.

නිරෝධනායට යොමු කළ පිරිස දික්ඔය දරවල ප්‍රදේශයේ පිහිටි යාඥා මධ්‍යස්ථානයේ පැවැත් වූ යාච්ඥා වලට අඛණ්ඩව සහභාගි වී ඇති බවත් ඉන් කිහිපදෙනෙකු යාපනයේදි පැවැත් වූ යාඥාවට ද සහභාගි වී ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසූහ.