(එච්.එම්.ධර්මපාල)
පැපිලියාන, දිවුල්පිටිය තෙමහල් රෙදිපිළි ඇගලුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණ යෙන්ම දැවී අලුවී ගොස් ඇතැයි දෙහිවල ගල්කිස්ස මහනගර සභාව පවසයි.
මෙම ගින්න ඊයේ රාත්‍රිය 11.30 ට පමණ හට ගෙන ඇති අතර එම අවස්ථාවේ කර්මාන්ත ශාලාවේ කිසිවකුත් නොසිටි බැවින් පිටුපසින් හටගෙන ඇති ගින්න ඉදිරියටත් ඉහල මහල් වලටත් පැතිර ගොස් අසල සෝලා විදුලි උපකරණ අලෙවි ගබඩාවක් ද මුලුමනින්ම දැවී විනාශවී ඇත .
ගින්න ඇතිවූ අවස්ථාවේ ම ගිනි භටයින් හට ආයතනයට පිවිසීමට නොහැකිවීමෙන් ගින්න පැතිර ගොස් තිබූ ඇත.
කොළඹ, කෝට්ටේ, මොරටුව, දෙහිවල ගිනිරථ අද අලුයම පහ පමණ වනතුරු විශාල ප්‍රයත්නයක් දරා අවට ගොඩනැගිලි සදහා පැතිර යාම පාලනය කරගනු ලැබ ඇත .