දෙසැම්බර් 31කට කලින් ඇළ වේලි හදයි


(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

කැඩී බිඳීගිය වැව් ඇලවේලි පිළිසකර කිරීම සහ ගොවීන්ගේ වගාවන් වෙනුවෙන් ගෙවිය යුතු වන්දි මුදල් ගෙවීම මෙම දෙසැම්බර් 31 ට පෙර අවසන් කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අද (10) වාරියපොල දී පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ සුළි කුණාටුව සහ ජලගැල්ම හේතුවෙන් හානියට පත් වගාවන් සහ ඇල වේලි නිරීක්ෂණය සඳහා ගොවිජන සවර්ධන නිලධාරීන් සමග සිදුකල නිරීක්ෂණ චාරිකාවක් අතරතුරදීය.

වැව් ඇළ වේලි ඇතුලු වාරි පද්ධතිය පෙර තිබූ තත්වයට වඩා විධිමත් ලෙස යළි නිර්මාණය කරන බවද ඒ මහතා කියා සිටියේය. එමෙන්ම මෙවැනි ව්‍යවසන අවස්ථාවලදී ජනතා මුදල් ගසා කන ලද විපක්ෂයේ ඇතැම් පිරිසකට විපතට පත් ජනතාව වෙත වන්දි පිරිනැමීම ගැටළුවක් වී ඇතැයිද ඒ මහතා පැවසීය.