දෙමෝදර කන්ද නාය අවදානමක


(සමන් පාලිත නානායක්කාර )

දෙස් විදෙස් සංචාරකයින්ගේ විශේෂ ආකර්ෂණයක් ඇති ස්ථානයක් වන ඇල්ල දෙමෝදර නැරඹුම් වේදිකා සහිත  කන්ද නාය යෑමේ දැඩි  අවදානමකට ලක්වී ඇති බවත් ඒ පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් කඩිනම් විමර්ශන වාර්තාවක්  ලබා ගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවත්  බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා  අද (10)  පැවසීය.

කන්ද මැද කොටසේදී මීටර් 250 කට වැඩි දිග කොටසක අඩි පහක්  පමණ ගැඹුරට හා අඩි දෙක තුනක් පළලට භූමියේ පැල්මක් නිරීක්ෂණය වන බවද ප්‍රදේශවාසීහු  අදාල අංශ දැනුම්වත් කර තිබේ.

 මෙම ප්‍රදේශය විශාල ගල්පත්වත ද සහිත බැවින්  නාය යාමක් සිදුවුවහොත් ජනතාව පදිංචිව සිටින විශාල ප්‍රදේශයකට හා ගොවි බිමකටද හානි විය හැකි බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.