(රංජිත් රාජපක්ෂ)
උතුරු නැගෙනහිර සහ වතුකරය ඇතුළු දිවයිනේ දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුම් දීම සඳහා පක්ෂ තුනක් සන්ධාන ගත වී එයට අදාළ අවබෝධතා ගිවිසුම අද (11) අත්සන් කළහ.
ලංකා කම්කරු කොංග්‍රසය, ප්රජාතන්ත්රවාදී ජනතා කොංග්‍රසය, ප්රජාතන්ත්රවාදී විමුක්ති පෙරමුණ මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය.
ලංකා කම්කරු කොංග්‍රසය වෙනුවෙන් එම පක්ෂයේ මහ ලේකම් අනුෂා සිවරාජා මහත්මිය, ප්රජාතන්ත්රවාදී ජනතා කොංග්‍රසය වෙනුවෙන් එම පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රභා ගනේෂන්, ප්රජාතන්ත්රවාදී විමුක්ති පෙරමුණ වෙනුවෙන් එම පක්ෂයේ මහ ලේකම් යි.කදිර් යන මහ්වරු මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කළහ.
එම සන්ධානයේ නිල තල කිසිවක් කිසිදු පක්ෂයකට මෙතෙක් ලබා නොදී ඇති අතර එම සන්ධානයට මෙතෙක් නමක් තබා නොමැති බව මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරිමෙන් පසුව කොටගල ලංකා කම්කරු කොංග්රස් මුලස්ථානයේ පැවති මාධ්‍යය හමුවේදී ප්‍රභා ගනේෂන් මහතා කීය.
නව සන්ධානයට ඕනෑම පක්ෂයකට එක් වීමට හැකි බවත්, එම සන්ධානය තුළින් දමිළ භාෂාව කතා කරන ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් විසඳුම් ලබාදීම අරමුණු කර ගනිමින් නව සන්ධානය නගා සිටු වූ බව ප්‍රභා ගනේෂන් මහතා පැවසීය.
නව සන්ධානයට ඉදිරියේ දී එකතු වන පක්ෂ සහ සංවිධාන එකතු කර ගනිමින් නව සන්ධානයට නමක් තබන බවත්, පසුව එම සන්ධානයේ නිල තල සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන බව ප්‍රභා ගනේෂන් මහතා කීය.
මෙම මාධ්‍යය හමුවට ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මහතා ද සහභාගී විය.




