දෙමසක් ඇතුලත ලංකාව හරිත ආර්ථිකයට


(අංජුල මහික වීරරත්න)

හරිත ආර්ථිකයකට ඇතුළු වන කලාපයේ පළමු රට ලෙස ශ්‍රී ලංකාවට හරිත ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරි මාස දෙක ඇතුලත හඳුන්වාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තේ අපනයනයෙන් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පැමිණි අයුරින්, හරිත ආර්ථික ප්‍රතිපත්තියෙන් ද ශ්‍රී ලංකාව පළමු තැනට ගෙන ඒම සිය අපේක්ෂාව බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා හරිත බලශක්ති සමුළුව සඳහා සහභාගීවීමට මෙරටට පැමිණි ආයෝජකයන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුව අමතමිනි.

මෙමගින් ආයෝජකයන්ට නෛතිකභාවයක් ලැබෙනවා මෙන්ම ඔවුන්ගේ පහසුකම් සපයා දීමට ආණ්ඩුව ද වගකීමකින් බැඳෙන බවත් මෙය කෙටිකාලීන වැඩපිළිවෙළක් නොව මෙය දිගුකාලීන වැඩපිළිවෙළක් බවද ජනාධිපතිවරයා කීය.

ඒ සඳහා නීතිමය රාමුවක් සකස් කිරීමට අවශ්‍ය වන අතර ඒ සඳහා කඩිනමින් නීති සම්පාදනය කිරීමටත් බලාපොරොත්තු වෙන බවද ජනාධිපතිවරයා පැවසීය .