ඉන්දිකා රාමනායක සහ දිල්රුක්ෂි ග්‍රේරු
දෙමටගොඩ චමින්ද නැමැති පාතාල සාමාජියාගේ ගෝලයන් දෙදෙනකු රුපියල් ලක්ෂ 80 ට ආසන්න හෙරොයින් තොගයක් සමග අද අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෑලියගොඩ වැලිපාරේ පදිංචි වැලිපාරේ කසුන් හා ලාල් බබා නැමැති දෙදෙනා බවත් ඔවුන් දෙදෙනා සතුව හෙරොයින් ග‍්‍රැම් 50 ට අධික ප‍්‍රමාණයක් තිබුණු බවත් පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
අත්අඩංගුවට ගෙන සිටින කසුන් නැමැත්තා යුද හමුදාවේ සේවය කර පලා ගොස් සිටි අයකු වන අතර ඔහුට පුද්ගල ඝාතන සඳහා නඩු කිහිපයක් ද පවතින බව පොලිසිය පවසයි.
එමෙන්ම දෙමටගොඩ චමින්දගේ මත්ද්‍රව්‍ය ජාවරම මෙහෙයවමින් කටයුතු කරන පුද්ගලයකු බවද හඳුනාගෙන තිබේ.
ලාල් බබා නැමැති පුද්ගලයකු දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය දෙමටගොඩ අවට හෙරොයින් බෙදාහැරිම සිදු කරන්නෙකි.

