(එස් .ඩි .කොඩිකාර )
දෙනියාය කිරිවැල්දොළ හිගුරුහේන ප්‍රදේශයේ නිවසක වහලයේ බැඳ තිබූ දෙබර කූඩුවක් ඇවිස්සී දෙබරු ඇනීම හේතුවෙන් එම නිවසේ සිටි වයස අවුරුදු දෙකක කුඩා දරුවෙකු සහ එම දරුවාගේ මිත්තනිය අද (14) මියගිය බව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ඉදුෂ කාරින්ද නැමැති හිඟුරුහේන, කිරිවැල්දොළේ පදිංචි කුඩා දරුවෙකු සහ (68) හැවිරිදි ඕකේවෙල, වලස් මුල්ලේ පදිංචි කරුණාවතී වන්නියාරච්චි නැමැති දෙදරු මවක් බව පොලිසිය පවසයි .
දෙබර කුඩුව ඇවිස්සෙන අවස්ථාවේදී නිවසේ කුඩා දරුවාගේ දෙමාපියන් සිට නොමැති අතර මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ කුඩා දරුවා සහ දැරියගේ මිත්තණිය බව දැරියගේ දෙමව්පියන් පවසයි.
දෙබරුන් කුඩා දරුවාට සහ වයස් ගත කාන්තාවට වටකර දෂ්ට කරන ආකාරය දුටු අසල්වාසී තරුණයෙකු සහ ඔවුන්ගේ ඥාතීන් ඔවුන් දෙදෙනා ත්‍රීරෝද රථයකින් දෙණියාය මූලික රෝහලට රැගෙන යන අතරතුර ත්‍රීරෝද රථයේ කාර්මික දෝෂයක් ඇති වීම හේතුවෙන් පසුව ඔවුන් 1990 සුවසැරිය ගිලන් රථ සේවයෙන් දෙනියාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් කුඩා දරුවා මියගොස් තිබූ බවත් දරුවාගේ මිත්තණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මියගිය දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය දෙනියාය මූලික රෝහලේ සිදුකිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .