(චන්ද්‍රසිරි ගුණසේකර සහ සුසිල් ප්‍රියන්ත)
ඇල්පිටිය පහළ ඕමත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනකු අභිරහස් ලෙස ඝාතනය කර සිටියදී අද දහවල් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
මෙම කාන්තාවකගෙන් එක් අයෙක් විවාහක කාන්තාවක් වන අතර ඇගේ ස්වාමිපුරුෂයා කලකට පෙර මියගොස් ඇති බවත් අනෙක් කාන්තාව අවිවාක බවත් නිවසේ මෙම කාන්තාවන් දෙදෙනා පමණක් තනිව ජීවත්වී ඇති බවත් දැනට කරන ලද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
වයස අවුරුදු අසූවක් හා හැත්තෑවක් පමණ වන මෙම කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයකු කාමරයක ඇඳ මතත් අනෙක් කාන්තාව වැසිකිළිය අසළත් මියගොස් සිටියදී හමුවී ඇති අතර ගෙල සිදුකිරීමෙන් සිදුකර ඇති අභිරහස් මරණයක් විය හැකි බවට පොලිසිය සැකකරයි. සිද්ධිය මෙතෙක් හෙළිවී නැති අතර ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඝාතනයවූ කාන්තාවන් දෙදෙනාම ඥාතීන් බවත් ඔවුන් දෙදෙනා දෙනෑනෝ බවද පොලීසිය කියයි. ඇල්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

