(ප්‍රියන්ත දසනායක සහ අජිත් ලංකාතිලක)
අකුරැස්ස තිබ්බටුවාව ප්‍රදේශයේ නිවසකදී තියුණු ආයුද යකින් එල්ල කර පියා මරා මව සහ දියණියක බරපත තුවාල කර ඇතැයි අකුරැස්ස පොලිසිය කියයි.
නිවසේ සාලයේදී 69 හැවිරිදි පියාගේ ගෙළ කපා කෘර ලෙස ඝාතනය කොට හිස නිල්වලා ගඟට විසි කර ඇතැයි ද ඔහුගේ බිරිය සහ දියණියට තියුණු ආයුදයකින් පහරදී ඇතැයි ද පොලිසියකියයි.
මෙසේ අමානුෂික ලෙස ඝාතනය කොට ඇත්තේ අකුරැස්ස තිබ්බටුවාව, තලගස්ස, වලකඩවත්ත කළුගමහේන නිවසේ පදිංචි දෙදරු පියකු වූ වෙල්ලාර තන්තිරිගේ සුමණපාල (අවු.69) නැමති ප්‍රදේශයේ කපු මහතා නමින් ගම්වාසීන් හදුන්වනු ලබන ආබාධිතයකු බව පොලීසිය කීය.
කාලයක් තිස්සේ පවතින ආරවුලක් කිදා ඝාතනය කොට ඇතැයි පොලිසිය සැකකරයි. කඩුවකින් කපා හිස නිල්වලා ගඟට විසි කර ඇති බවට ලේ සලකුණු ඔස්සේ දැක ගත හැකි බවත් උසස් පොලිස් නිළධාරියකු කීය.
ප්‍රදේශයේ විවිධ අපරාධ අපචාර හා කාන්තාවන්ගේ අග පසග අතගෑම් ආදී සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් පොලිසියට කරදරකාරි අධිකරණයෙන් වරදකරුව සිටිනා අයකු බවත් සැකකාර පළාගොස් සිටින බව කියන 29 හැවිරිදි ඝාතකයා සොයා පොලිස් විමර්ශන කණ්ඩායම් කීපයක් ප්‍රදේශය පුරා මෙහෙයුමක් ආරම්භ කර ඇත.