(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හංවැල්ල කහහේන ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් විසිපස් හැවිරිදි දෙදරු පියකුට එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් දෑත් සහ පාදයක් සිරුරෙන් වෙන් වී ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි .
මෙසේ තුවාල ලබා ඇත්තේ හංවැල්ල කහහේන අජිත් පෙරේරා මාවතේ පදිංචි 25 හැවිරිදි දෙදරු පියකු බව පොලීසිය කියයි.
මෙම පුද්ගලයා අද සවස නිවස ඉදිරිපිට මාර්ගයේ ගමන් කරමින් සිටියදී තියුණු ආයුධයක් රැගෙන පැමිණි පුද්ගලයකු ඔහුගේ සිරුරේ ස්ථාන රැසකට ප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් බේරීම සදහා උත්සාහ කිරීමේදී ඔහුගේ දෙයක් සහ දෙපාවලට වැදී ඇතැයි පැවසේ .
මේ හේතුවෙන් ඔහුගේ දකුණු පාදය සිරුරෙන් වෙන් වී ඇති අතර දෑත් ද වෙන් වී හමෙන් එල්ලී තිබූ බවත් සිරුරේ තවත් ස්ථාන කිහිපයක කැපුම් තුවාල දක්නට තිබූ බව පැවසේ.
සිද්ධිය තුවාලකරුගේ නිවසට යාබදව මාර්ගයේ සිදුව තිබූ අතර පහර දීම ආරම්භයත් සමඟ ඒ බව දැනගත් තුවාලකරුගේ බිරිඳ එම ස්ථානයට පැමිණ ප්‍රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි .
ඒ සමග සිරුරෙන් වෙන්ව තිබූ පාදයෙ කොටසද රෝහලට රැගෙන ආ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

