දුරගමන් දුම්රිය - බස් යළි නවතී


(නිමල කොඩිතුවක්කු)

පළාත් අතර බස්රථ සහ දුම්රිය ධාවනය හෙට (17) දිනයේ ලබන අගෝස්තු පළමුවැනිදා දක්වා අත්හිටුවීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

කොවීඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය ලබාදුන් උපදෙස් මත මෙම පියවර ගත් බවද ඔහු සඳහන් කළේය.

පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණත් අත්‍යවශ්‍ය සේවා සඳහා බස්රථ සහ දුම්රිය ධාවනය කිරීමට ඉකුත් (14) දිනයේ සිට පියවර ගනු ලැබීය. ඒ අනුව කිසිදු හේතුවක් මත ලබන පළමුවැනිදා දක්වා පොදු ප්‍රවාහන කටයුතු සිදුනොකෙරෙන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.