දුර ගමන් සේවා බස් රථ හෙට සිට යළිත්


(නිමල කොඩිතුවක්කු)

සියලුම දුර ගමන් සේවා බස් රථ හෙට(09) දිනයේ සිට සාමාන්‍ය පරිදි ධාවනයට එක් කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා ලංකාදීපයට පැවැසීය.

තවදුරටත් නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ සහ හුදකලා කර ඇති ප්‍රදේශවලින් මගීන් නංවා ගැනීමක් හෝ බැස්සවීම සිදු නොකරන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

මෙයට අමතරව සෙසු ප්‍රදේශ වල බස් රථ සේවාවන් සාමාන්‍ය පරිදි ධාවනය කරන ලෙසට ඩිපෝ කළමනාකරුවන් වෙත උපදෙස් ලබාදී ඇතැයි ද ඔහු කීවේය.

එමෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුව කටයුතු කරන්නැයි සියලුම බස් රථ සේවක මහත්වරුන් දැනුවත් කර ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.