(නිමල කොඩිතුවක්කු)
කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව ධාවනය නතර කර තිබූ දුර ගමන් දුම්රිය සේවා හෙට(18) සිට යළි ධාවනයට එක්කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන පොඩි මැණිකේ දුම්රියත් කොළඹ කොටුව සිට මහනුවර දක්වා ධාවනය වන නගරාන්තර සීඝ‍්‍රගාමි දුම්රියත්, ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය කරන යාල්දේවි දුම්රියත්, කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන උත්තර දේවි දුම්රියත්, කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා ධාවනය වන උදය දේවී දේවී සීග‍්‍රගාමී දුම්රියත් හෙට දිනයේ සිට ධාවනය වන බව දුම්රිය සාමානයාධිකාරි ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේය.
මෙයට අමතරව මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන දක්ෂිණ නගරාන්තර ශීඝ්‍රගාමි දුම්රියත්, මාතර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන සීඝ‍්‍රගාමී දුම්රියත් ධාවනයට එක්කිරීමට නියමිතය.
දෛනිකව ධාවනය කරවනු ලැබූ සියලූම දුම්රිය වාරයන් ලබන 25 වැනිදා සිට සාමාන්‍ය පරිදි ධාවනය කරන බවත් ඔහු සදහන් කළේය.
සංචරණ සීමා ලිහිල් කිරීම හේතුවෙන් දුම්රිය මගි සංඛ්‍යාව වැඩිවීම සහ එම මගී ජනතාවට මගී ජනතාවගේ පහසුව සදහා මෙලෙස දුම්රිය ගමන්වාර වැඩි කිරීමට පියවර ගත් බවද ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

