(නිමන්ති රණසිංහ)
අධිකරණය ඉදිරිපිට විරෝධතාවක් පවත්විමන් අධිකරණයට අපහාස කර එහි දේපළවලට හානිකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කඩුවෙල පොලීසිය අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කඩුවෙල දිසා විනිසුරු චමත් මදනායක මහතා අද (04) නියෝග කළේය.
සෑම මසකම අවසන් ඉරුදින පෙරවරු 9ත් 12 ත් අතර කඩුවෙල පොලීසියේ පෙනී සිටින ලෙසට මෙහිදී විනිසුරුවරයා සැකකරුට ඇප කොන්දේසියක් නිකුත් කර ඇත.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් මත අධිකරණයෙන් නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවට අනුව මෙම සැකකරු අද (04) බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කඩුවෙල පොලිසිය සදහන් කළේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ඇප මත මුදා හරිමින් සිද්ධිය සම්බන්ධ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන පෙබරවාරි මස 01 වැනිදා තෙක් කල් තැබීය.

