(ටී.කේ.ජී.කපිල )
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් තිබූ රුපියල් හතළිස් ලක්ෂ පනස් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් රැගෙන ආ ගුවන් මගියෙකු ද සමග , ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු ඩුබායි හි ගොඩනැගිල්ලක මුරකරුවෙකු ලෙස සේවය කළ , ගම්පොළ ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි .
මොහු පිළිබඳ කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත ලැබී තිබූ තොරතුරු මත ,මොහු ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .