දුම්රියේ ’’පවර්’’ එක වැඩි කරන්න තවත් ’’පවර්සෙට්’’ පහක්




(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

දුම්රිය දෙපාර්තමේන්තුවට අලූත් බලවේග කට්ටල පහක් මිලදී ගැනීමට ටෙන්ඩර් කටයුතු ආරම්භ කර ඇතැයි  ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

මේ අවුරුද්ද අවසානයේදී ටෙන්ඩර් කටයුතු අවසන්  වනු ඇතැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා  බලවේග කට්ටල පහ ගෙන්වා ගැනීමට වසර දෙකක් පමණ ගතවනු ඇතැයිද ප්‍රකාශ කළේය.