දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමේ ගැසට්ටුව අද මැදියම් රැයේ


(මහින්ද නිශ්ශංක)

ශ්‍රී ලංකා දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරිමේ අතිවිශේෂ ගැසට් නිවේදනය අද (26) මධ්‍යම රාත්‍රියෙහි නිකුත් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ අත්සනින් යුතුව මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් වන බවද රාජ්‍ය අමාත්‍ය අබේසිංහ මහතා කීය.

හදිසි නීතිය යටතේ වැඩවර්ජන කළ නොහැකි බවත් වර්ජන කළොත් ඔවුනට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.