(නිමල කොඩිතුවක්කු)
රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීය සමිති නම් කර ඇති විරෝධතා ව්‍යාපාරයට සහයෝගය පළ කරමින් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් හෙට (01) දිනයේ සංවිධානය කරන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසයි.
ඒ අනුව දුම්රිය රියදුරු, නියාමක, දුම්රිය පාලක, දුම්රිය තාක්ෂණ ශිල්පීන් ඇතුළු වෘත්තීය සමිති 29 ක සහයෝගයෙන් හෙට පස්වරු 12.00 ට මරදාන දුම්රිය මූලස්ථානය ඉදිරිපිට මෙම උද්ඝෝෂණය ක්‍රියාත්මක කරන බවත් දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු එස්. පී විතානගේ මහතා පැවසීය.
වෘත්තිය සමිති නියෝජිතයන් ඉල්ලා සිටින ගැටළුවලට රජය මගින් අද දිනයේ සාධනීය විසඳුමක් ලබා නොදුනහොත් සෙසු සියලුම වෘත්තීය සමිති සමග අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවන බවත් ඔහු තවදුරටත් කීවේය.

