දුම්රිය මැදිරි දහයම ගෙනෙයි


(රේඛා තරංගනී ෆොන්සේකා)‍

අද දින මෙරටට පැමිණිමට නියමිතව තිබූ දුම්රිය මැදිරි දහය අද (09) සන්ද්‍යාවේ IEANNE AUERBACH MO NROVA නෞකාවෙන් කොළඹ වරායට රැගෙන ආ බවත්, එසේ රැගෙන ආ දුම්රිය මැදිරි රත්මලාන දුම්රිය වැඩ බිමට රැගෙන ගොස් එය තත්ව පරීක්ෂාවකට ලක්කර ක්ෂේත්‍ර චාරිකාවන් සඳහා යොමු කිරීමට බලාපොරොත්තු වන බවත්, අතිරේක දුම්රිය සාමාන්‍ය අධිකාරි (ප්‍රධාන ඉංජිනේරු යාන්ත්‍රික) කීර්ති හේවාවිතාරණ මහතා රත්මලානේදී මීට සුලු මොහොතකට පෙර පැවසීය.

ඉන්දියාවේ චෙන්නායි නගරයේ පිහිටි අයි.සී.එෆ් (INTEGRAL COACH FACTORY) නිෂ්පාදනාගාරයේ නිෂ්පාදිත ඉන්දියානු මැදිරි දහයක් මෙසේ රැගෙන ආ අතර එම මැදිරි මීට පෙර මෙරටට ගෙන්වන ලද M11 දුම්රිය එන්ජිම හා සම්බන්ධ කර ක්ෂේත්‍ර චාරිකාවන්  සඳහා යොමු කරිමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

එම මැදිරි පහතරට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මගී ප්‍රවාහනයට යොදවන බවද ඒ මහතා පැවසීය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ආනයනය කිරීමට නියමිතව තිබූ මැදිරි එකසිය හැටෙන් දහයක් මෙසේ ගෙන ආ අතර මෙම එක මැදිරියක් සඳහා වැය වන මුදල මිලියන අසුවක් බවද ඒ මහතා පැවසීය.

මෙසේ ගෙන එන මැදිරි සැපයුම් කරණය RITES INDIA යන සැපයුම් කරුවන් විසින් සිදුකරන බව සඳහන් කළ ඒ මහතා එම මැදිරි දිගින් මීටර් විස්සක් පමන වන බවද පැවසීය.

මෙරටට ගෙන්වීමට නියමිත දුම්රිය මැදිරි 160 යටතේ තිරිංග මැදිරි 17 ක්, භාණ්ඩ ප්‍රවාහන තිරිංග මැදිරි 8 ක්, තුන්වෙනි පන්තියේ මැදිරි 41 ක්, දෙවන පන්තියේ මැදිරි 42 ක්, වායුසමනය කළ මැදිරි 35 ක්, අවන්හල් වර්ගයේ මැදිරි 13 ක් ගෙන්වීමට නියමිත බවද ඒ මහතා පැවැසීය.