දුම්රිය මඟේ බස් පැද වූ රියදුරා රිමාන්ඩ්


(ගයාන් සූරියආරච්චි)

අවිස්සාවේල්ල තුම්මෝදර ප්‍රදේශයේදී මගීන් රැගත් පෞද්ගලික බස් රථයක් දුම්රිය මාර්ගයක ධාවනය කළ සැකකාර රියැදුරු අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි.

රත්නපුර කොළඹ මාර්ගයේ තුම්මෝදර ප්‍ර දේශයේ පැවැති රථවාහන තදබදයක් පවතින අවස්ථාවක සැකකරු අන්තරාදායක ලෙස බස් රථයක දුම්රිය මාර්ගයක ධාවනය කිරීම සම්බන්ධයෙන් ඊයේ (2) අවිස්සාවේල්ල පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

මිනී මැරීමට තැත් කිරීම, රියැදුරු බලපත්‍රය අත්හිටුවා තිබියදී රිය ධාවනය කිරීම, විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය හා රජයේ දේපොළවලට හානි කිරීම යන චෝදනා යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.