දුම්රිය මගීන් සියයට 50 කින් ඉහළ යයි


(යොහාන් භාසුර)

බස් ගාස්තු ඉහළ යෑම සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් දුම්රිය මගීන් සංඛ්‍යාව සියයට 50 කින් ඉහළ ගොස් ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණි සෙනෙවිරත්න මහතා පැවසීය.

මෙම තත්වය හමුවේ මගී තදබදය අඩු කිරීමට දුම්රිය කීපයකට අද(30) දිනයේ අමතර මැදිරි දෙක බැගින් එකතු කළ බව කී ගාමිණි සෙනෙවිරත්න මහතා තවත් දුම්රිය කීපයකට හෙට දිනයේ අමතර මැදිරි දෙක බැගින් එකතු කිරීමට නියමිත බව ද සඳහන් කළේය.

මගීන් සංඛ්‍යාව අනපේක්‍ෂිත ලෙස ඉහළ යෑමෙන් දුර පළාත්වල දුම්රිය ස්ථානවල ප්‍රවේශපත් තොග ද අවසන් වීමෙන් දුම්රිය ස්ථානාධිපති ගැටලුවකට මුහුණදී සිටින බවත් සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් කීය.

බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් අද පෙරවරුවේ පිටත් වූ ‘රජරට රැජිණ’ දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන්ම පිරීගිය බවත් එම දුම්රියට මාතර දුම්රිය ස්ථානයේදී මගීන් රැසකට දුම්රියට ගොඩවීමට නොහැකි වූ බවත් වාර්තා වේ.