දුම්රිය මගීන් අපහසුතාවට පත්කිරීමේ සූදානමක්


(යොහාන් භාසුර)

දුම්රිය ස්ථානාධිපතිවරු අද (5) මධ්‍යම රාත්‍රීයේ සිට සියලුම රාජකාරිවලින් ඉවත්වන බව දැනුම්දී තිබියදී දුම්රිය බලධාරීන් රාත්‍රී තැපැල් දුම්රිය පස්වරුවේ ධාවනය කිරීමට සූදානම් වන බවත් එසේ තැපැල් දුම්රිය ධාවනය කිරීමෙන් ජනතාවට අපහසුතාවට මුහුණ දීමට සිදුවුවහොත් එහි වගකීම බලධාරීන් භාරගත යුතු බවත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පැවසීය.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණි සෙනෙවිරත්න මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ තැපැල් දුම්රිය අවලංගු කරන ලෙස කළ ඉල්ලීම පිළිබඳව තීරණයක් ගැනීමට සාමාන්‍යාධිකාරීවරයාට යොමු කළ බවත් ඔහු ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් විමසා තීරණයක් ගනු ඇති බවත්ය.