(ඩයනා උදයංගනී)
ඉදිරි දුම්රිය ගාස්තු සංශෝධනයේදී එම ගාස්තු සියයට 58කින් පමණ ඉහළනැංවීම සිදුවනු ඇතැයි ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (29) පැවසීය.
ඒ අනුව තුන්වන පන්තියේ දුම්රිය ප්‍රවේශ පත්‍රයක පළමු කිලෝමීටර 10 සඳහා කිලෝමීටරයක් වෙනුවෙන් අය කෙරුණු රුපියල් 1.30ක ගාස්තුව රුපියල් 2ක් දක්වා ඉහළ යනු ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
ඒ අනුව කිලෝමීටර 10ක් සඳහා ගමන් ගන්නා අයකුගේ දුම්රිය ප්‍රවේශපත්‍රයක මිල රුපියල් 20ක් දක්වා ඉහළ යනු ඇතැයි ද ඇමතිවරයා කීවේය.
මෙම මිල ඉහළයාම බස් රථ ගාස්තුවට සාපේක්‍ෂව අඩු බව ද දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.
පසුගිය කාලයේ සිවු වතාවක් ඉන්ධන මිල ඉහළ ගියත් දුම්රිය ගාස්තු වැඩිවීමක් සිදුනොවු බව කී ඇමතිවරයා ඒ හේතුවෙන් ඉන්ධන සඳහා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු මුදල පවා ගෙවාගත නොහැකි තත්වයකට දුම්රිය දෙපාර්තමේන්තුව පත්ව ඇතැයි ද සඳහන් කළේය.

