(යොහාන් භාසුර)
දුම්රිය ධාවන කාර්ය මණ්ඩලය හිඟය හේතුවෙන් හෙට (12) සිට කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර 42 ක් නැවත දැනුම් දෙන තෙක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ගමන්වාර 20 ක්, පුත්තලම් මාර්ගයේ ගමන්වාර 4 ක්, කැලණිවැලි මාර්ගයේ ගමන්වාර 2 ක් සහ මුහුදුබඩ මාර්ගයේ ගමන්වාර 16 ක් මෙසේ අවලංගු කර ඇති අතර එම දුම්රිය ධාවන නැවත ආරම්භ කරන දිනය පසුව දැනුම්දීමට නියමිතය.

