දුම්රිය අනතුර වැලැක්වූ සමන්ත - විදුර ඇගයේ


(යොහාන් භාසුර)

පානදුර සහ- මොරටුව දුම්රිය ස්ථාන අතර පීල්ලක් කැඩී තිබෙන අයුරු දැක සාගරිකා දුම්රිය එම ස්ථානයට ළගාවීමට පෙර වැළැක්වීමට ක්‍රියා කළ සමන්ත ප්‍රනාන්දු මහතා සහ එයට පසුපසින් ධාවනය වූ දුම්රිය ගැටීමකින් තොරව වළක්වාගත් රියදුරු විදුර විදර්ශන මහතා ඇගයීම එම අමාත්‍යංශයේදී අද (9) පැවැත්විණි.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.