දුම්රිය 26 ක් අවලංගු කරයි


 

(යොහාන් භාසුර)

දුම්රිය සේවකයන් නොමැතිවීම නිසා අද (01) දිනයේ දුම්රිය 26 ක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

ඉන්ධන නොමැතිවීම නිසා සේවකයන්ට සේවා ස්ථානවලට පැමිණීමට නොහැකි තත්වයක් මේ වන විට උද්ගත වී ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.