දුම්රිය 10ක් අදත් අවලංගුයි


(යොහාන් භාසුර)

දුම්රිය සේවක හිඟය හේතුවෙන් අද (3) මධ්‍යහන 12.00වන විට දුම්රිය ගමන් වාර 10ක් අවලංගු කර ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

එම තත්වය හේතුවෙන් පස්වරුවේ ද දුම්රිය රැසක් අවලංගු වීමේ අවදානමක් ද ඇති බව එම සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.