(අංජුල මහික වීරරත්න)
රජයේ අරමුණ විය යුතු වන්නේ බන්ධනාගාරයට පුද්ගලයින් යොමු වීම අඩු කිරීම බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය.
දුප්පත්කම නිසා බන්ධනාගාරගත වන සංඛ්‍යාව වැඩි වී තිබෙන බවද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව කීවේ 27 වන ජාතික සිරකරු දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.කොළඹ 8, සර්වෝදය සංවර්ධන මුල්‍ය ආයතන නගරෝදය ශ්‍රවණාගාරයේ දී මෙම උත්සවය පැවැත්විණි.
"වත්මන් රජයේ අරමුණ රටේ සමාජ සාධාරණත්වය තුළින් ආර්ථික දියුණුව ඇති කිරීමෙන් බන්ධනාගාරගත වන සංඛ්‍යාව අඩු කිරීමයි. බන්ධනාගාර ගත වන සියලු දෙනාගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි පහසුකම් ඇති කිරීම අතිශයින්ම වැදගත් වෙනවා. නීතිය ඉදිරියේ සියලු දෙනාම එක හා සමානයි. රජයක් ලෙස නීතියේ විධානයේ ආධිපත්‍යය ආරක්ෂා කරමින් සමානාත්මතාවය යුතු රටක් නිර්මාණය කරනවා යනුවෙන් ද අමාත්‍යවරයා පැවසීය.