දීර්ඝ සති අන්තයට විශේෂ දුම්රිය කිහිපයක්


(යොහාන් භාසුර)

නත්තල් උත්සවය ද ඇතුළත් හෙට (22) ආරම්භ වන දීර්ඝ සති අන්තය වෙනුවෙන් දුර ගමන් සේවා විශේෂ දුම්රිය ගමන් වාර කීපයක් හෙට සිට 26 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඒ අනුව කොළඹ කොටුව - බදුල්ල, මහනුවර - බදුල්ල සහ අනුරාධපුරය - කන්කසන්තුරය ස්ථානවලට ඉහළට සහ පහළට එම දුම්රිය ක්‍රියාත්මක වන බවද එම නිලධාරියා වැඩිදුරටත් කීය.
ඒ අනුව මෙම මස 22, 23, 25 සහ 26 යන දිනවල කොළඹ කොටුවෙන් පෙරවරු 7.30 ට ද, මෙම මස 23 සහ 25 දිනවල කොළඹ කොටුවෙන් පෙරවරු 7.30 ට ද, බදුල්ල බලා විශේෂ දුම්රිය ධාවනය වන බවත් මෙම මස 22, 24 සහ 24 දිනවල බදුල්ලේ සිට පෙරවරු පස්වරු 5.20 ට ද, මේ මස 24 සහ 26 දිනවල පෙරවරු 7.45 ට ද, කොළඹ කොටුව බලා විශේෂ දුම්රිය ද ධාවනය කිරීමට නියමිත බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.