දීර්ඝ පාසල් නිවාඩුවක අදින් ඇරැඹේ


රජයේ හා රජයේ අනුමත සියලු පාසල්වල 2023 වර්ෂයේ තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වේ.  

තෙවන පාසල් වාරයේ දෙවන අදියර ලබන වසරේ පෙබරවාරි මස 01 වනදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

2023  උසස් පෙළ විභාගය හේතුවෙන්  දීර්ඝ පාසල් නිවාඩුව සිසුනට ලැබී ඇත.

අපොස උසස් පෙළ විභාගය ජනවාරි මස 4 වැනි දා ආරම්භ වන අතර 31 වැනි දා අවසන් වේ. 

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,298කදී උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.