(මොහොමඩ් ආසික්)
දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (19) සිට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.
එම නිවේදනයට අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, බදුල්ල සහ හාලිඇල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා සහ මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර සහ දොළුව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයද, මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ අනතුරු ඇඟවීමද නිකුත් කර තිබේ.
එයට අමතරව, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම සහ මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම, අඹන්ගඟ කෝරළය, පල්ලේපොළ. මාතලේ සහ නාවුල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද යටවත්ත, උකුවෙල, රත්තොට සහ විල්ගමුව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.
පළමු මට්ටමේ නිවේදනය නිකුත් තර ඇති ප්‍රදේශවල පසුගිය පැය 24 ක කාලය තුල මිලි මීටර් 75 කට වැඩි සහ දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති ප්‍රදේශවලට ගෙවී ගිය පැය 24 තුල මිලි මීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබි ඇති බැවින් එම ප්‍රදේශවල ජීවත් වන ජනතාව උපදෙස් පිළිපදිමින් අවධානයෙන් සිටින ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
2025.01.19 වන අද දින පෙරවරු .8.00 ට නිකුත් කර ඇති මෙම නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය හෙට 20 වනදා පෙරවරු 8.00 දක්වා බල පැවැත්වෙන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තව දුරටත් කියයි.