දිස්ත්‍රික්ක 7ක නායයෑමේ අවදානමක්


(ඩයනා උදයංගනී)

පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ගාල්ල, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, මාතර,  නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි මෙම අවදානම මතුව ඇති බව එම සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසීය.

එම ප්‍රදේශයන්හි නායයෑමේ අවදානම් ඇති ස්ථානයන්හි මෙන්ම කඳු හා බෑවුම් ආශ්‍රිතව ජීවත්වන්නන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවිය යුතු බව ද එම ප්‍රකාශකයා කීවේය.